මධ්‍යම චීනයට බලපෑ අධික වර්ෂාවත් සමග හෙනාන් ප්‍රාන්තයේ උමං මාර්ගයක් ජලයෙන් යට වී ගියා. එම අවස්ථාවේ දුම්රියේ සිර වූ මගීන් මුදා ගැනීමට හමුදා සෙබලුන් යෙදවූ අතර විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.
ගංවතුර හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව විසිපහ දක්වා ඉහළ ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හෙනාන් ප්‍රාන්තයේ උමං මාර්ගයක ධාවනය වූ දුම්රියේ සිටි මගීන් දුම්රිය මැදිරිවල සිර වී සිටි බවයි චීන මාධ්‍ය වාර්තා කළේ. ඔවුන්ගේ ගෙළ ප්‍රදේශය දක්වා ජලයෙන් යට වූ බව දිවි බේරා ගත් පිරිස් පවසනවා. ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් දිවි බේරා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරීමටද සිදු වූ බව ඔවුන් පවසනවා. දුම්රිය මැදිරි තුළට වතුර කාන්දු වී ඒවා පිරී යාමට පටන් ගත් අතර මගීන් බියටත් කම්පනයටත් පත් වී කෑ ගසන්නට වූ බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. දින ගණනක් පුරා නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හෙනාන් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර දසදහසකට අධික පිරිසක් අවතැන් වී සිටිනවා. හෙනාන් ප්‍රාන්තයට අවුරුදු 60 කට පමණ පසු බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවයි පැවසෙන්නේ.
The post චීනයේ උමං මාර්ගයක් ජලයෙන් යට වෙයි – ජීවිත බේරාගන්න හමුදා මෙහෙයුම් appeared first on ITN News.
Post a Comment