අමෙරිකාවට එරෙහිව නව සම්බාධක පැනවීමට චීනය කටයුතු කර තිබෙනවා.
අමෙරිකාවේ පුද්ගලයින් සහ සංවිධාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පැනවීමට චීනය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමෙරිකාවේ වාණිජ ලේකම් විල්බර් රෝස් ද සම්බාධක පැනවූ පුද්ගලයින් අතර වනවා. අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් චීනයේ සංචාරය කිරීමට දින කිහිපයක් තිබියදී චීනය මෙලෙස නව සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.
චීනයේ මර්දනකාරී ක්‍රියා පිළිවෙතට ප්‍රතිචාරයක් ලෙස මීට පෙර අමෙරිකාව ද හොංකොං හි චීන නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කළා.
The post චීනය අමෙරිකාවට නව සම්බාධක පනවයි appeared first on ITN News.
Post a Comment