Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දළදා මාළිගයේ දහවල් පෙරහැර පස්වරු 1.42 ට යෙදෙන සුබ මොහොතින්  

Add comments

මහනුවර ඓහිහාසික ශ්‍රී දළදා මාළිගයේ අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරුව ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද අලුයම සිදු කෙරුණා.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහැර මංගල්‍යෙය් අවසන් රන්දෝලි මහ පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. ඒ දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී එස් සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේයි. අවසන් රන්දෝලි පෙරහැරේ කරඩුව වැඩම කරවූයේ නැදුන්ගමුවේ රාජා හස්තියායි. ඉන්දි රාජා සහ කතරගම වාසනා යන හස්තීන් දෑලේ ගමන් කළා. උඩරට, පහතරට, සබරගමු ඇතුළු විවිධ නර්තනාංගවලින් පෙරහැර සමන්විත වුණා.

පෙරහැර අවසන් වීමෙන් අනතුරුව කරඩුව ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කෙරුණා. දහවල් පෙරහැර ආරම්භ වන තෙක් පෙරහැර කරඩුව ගෙඩිගේ විහාරස්ථානයේ තැන්පත් කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. ගෙඩිගේ රජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ගෙඩිගේ විහාරස්ථානය මලින් හා ආලෝකයෙන් සැරසීම මෙවරද සිදු වුණා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් විහාරස්ථානය මලින් සැරසීම සිදු කෙරුණා. අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පුරාණ චාරිත්‍රානුකූලව දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරුණේ අලුයම පහයි පනහට පමණයි. ඒ ගැටඹේ මහවැලි ගංතොටේදීයි. අනතුරුව දිය කැපීමේ පෙරහැර නැවතත් සිව්මහා දේවාල වෙත පැමිණ ආගමික වතාවත් ඉටු කර පස්වරු එකයි හතළිස් දෙකට යෙදෙන සුබ මොහොතින් දහවල් පෙරහැර ආරම්භ වීමට නියමිතයි.

 

The post දළදා මාළිගයේ දහවල් පෙරහැර පස්වරු 1.42 ට යෙදෙන සුබ මොහොතින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG