Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායන නීති කඩකළ දිඹුල බෝගහ වත්ත කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර  

Add comments

නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරමින් දිඹුල බෝගහ වත්ත කෝවිලේ උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

කිසිඳු අනුමැතියකින් තොරව පූජකවරයෙකු සහභාගි කර ගනිමින් සෞඛ්‍ය උපදෙස් ද අනුගමනය නොකරමින් මෙම උත්සවය පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ සුදර්ශන් මහතා පවසනවා. එම උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගි වී සිට ඇති අතර ඔවුන් කිසිවෙකු මුඛ ආවරණ පැලද නොසිටි බවටද දැක ගත හැකි වුණා.

 

The post නිරෝධායන නීති කඩකළ දිඹුල බෝගහ වත්ත කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG