ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහනුවර ශ්‍රී දළදා මාළිගයේ දී ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා.
දළදා මාළිගයට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්. අනතුරුව ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තා. මේ අතර දළදා මාළිගයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට පෙරහර නැරඹීමට එක් වුණා.
The post ජනපති දළදා මාළිගයේ දී ආගමික වතාවත්වල නිරත වෙයි appeared first on ITN News.
Post a Comment