නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද යුද හමුදාවේ මෙහෙයවීමෙන් ජංගම එන්නත්කරණ වැඩසටහන රටපුරා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
මහරගම ප්‍රදේශයේ නිවෙස් වෙතම ගොස් එන්නත්කරණ වැඩසටහන සිදු කිරීමට යුද හමුදාව කටයුතු කළා. මහරගම පොලිසියේ සහායද ඒ සඳහා ලැබී තිබුණා.
එමෙන්ම වාද්දුව , මොරටුව , ගම්පහ ,දිවුලපිටිය යන ප්‍රදේශ වලද ජංගම එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් ක්‍රියාත්මක බව යුද හමුදාව පවසනවා.
මඩකලපුව කාත්තන්කුඩි ප්‍ර දේශයේ වයස අවුරුදු 60 ට වැඩි පිරිස් වෙත නිවෙස් වෙතම ගොස් එන්නත් ලබාදීමට කාත්තන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය කටයුතු කළා.
The post ජංගම එන්නත්කරණ වැඩසටහන රටපුරා අඛණ්ඩව appeared first on ITN News.
Post a Comment