Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනය කරන ස්ථානයක් වටලයි  

Add comments

නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කරන ස්ථානයක් විශේෂ කාර්ය බළකාය මගින් වටලනු ලැබුවා. එහිදී ගිනි අවි සමග සැකකරුවෙකුද අත්අඩංගුවට පත් වුණා.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම ගිනි අවි නිෂ්පාදනාගාරය වටලනු ලැබුවේ. ඒ කිරිඇල්ල දිග්ගලහේන එපිටවල ප්‍රදේශයේදී. මෙරට නිෂ්පාදිත බෝර දොළහේ ගිනි අවියක් සහ එම උණ්ඩ නවයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු පළමුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් ලද තොරතුරු අනුව ඔහු පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී තවත් බෝර දොළහේ ගිනි අවියක් සහ අවි කොටස් මෙන්ම හිස් පතොරොම් කොපු දොළහක් අත්අඩංගුවට ගැනුණා. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදීයි නීතිවිරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කරන ස්ථානය පිළිබද තොරතුරු ලැබී ඇත්තේ. ඒ අනුව නිවසට යාබද ගරාජයක බෝර දොළහේ ගිනි අවි නිෂ්පාදනය කරන ස්ථානයද වටලනු ලැබුවා. මෙහි නිපදවන ගිනි අවි විවිධ ගැනුම්කරුවන් වෙත ලබා දී ඇති බවයි හෙළි වී ඇත්තේ.

 

 

 

The post නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනය කරන ස්ථානයක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG