නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති දින දහයක කාලය සඳහා රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම මේ දිනවල සිදු කෙරෙනවා. ඇඳිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ අය සඳහායි රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම සිදු කෙරෙන්නේ.
කොට්ඨාශ වශයෙන් බෙදාහැරෙන රුපියල් 2000 දීමනාව සඳහා සුදුසුකම් ලබන්නේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමිවූ පවුල් පමණයි. රජයේ සේවකයින්, විශ්‍රාමිකයින්,සමෘද්ධි ප්‍රතිලාභීන්,වැඩිහිටි සියවස් පූර්ණ හා ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. මේ සඳහා රුපියල් මිලියන 467 ක් වෙන් කර ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ. කොළඹ දිස්ත්‍රික්කය තුළ එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහසක්.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූවන්ට රුපියල් 2000 දීමනාව ලබාදීම ඊයේ ආරම්භ වුණා. ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඒ සඳහා එක්ව සිටිනවා.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ 40000 ක් සඳහා රුපියල් 2000 දීමනාව ලබාදෙන බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පවසනවා. ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් මෙම සතිය තුළ එම මුදල් ගෙවා අවසන් කරන බවයි දිසා ලේකම්වරයා සඳහන් කරන්නේ. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 64 ක්.
නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති දින 10 ක කාල සීමාව සඳහා සිය ජිවනෝපාය අහිමි වූ වව්නියාව දිස්ත්‍රික්කයේ ජනතාවටද රුපියල් 2000 දීමනාව ලබාදීම මේ වනවිට සිදු කෙරෙනවා. පවුල් 8000 කට රුපියල් ලක්ෂ 160 ක මුදලක් මෙලෙස බෙදා හැරෙන බවයි වව්නියාව වැඩබලන දිස්ත්‍රික් ලේකම් ටී තිරේෂ් කුමාර් මහතා පවසන්නේ.
The post 2000 ලැබෙන්නේ රජයෙන් දීමනා නොලබන, අඩු ආදායම්ලාභී, ජීවනෝපාය අහිමිවූ පවුල් සඳහා පමණයි appeared first on ITN News.
Post a Comment