Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයේ 30ට වැඩි අයටත් කො‌රෝනා එන්නතේ 03 වන මාත්‍රාව  

Add comments

කො‌රෝනා මර්ධන එන්නතේ 3වන එන්නත් මාත්‍රාව ලබාදෙන වයස් සීමාව අවුරුදු 30 දක්වා පහත දැමීමට ඊශ්‍රායලය තීරණය කළා.

කොරෝනා එන්නතේ 03 වන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කර මාසයක් ගතවීමටත් පෙර ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය වන සලකුණු දක්නට ලැබෙන බව ඊශ්‍රායල් සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. මීට පෙර 03 වන එන්නත් මාත්‍රාව ලබාදුන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ අයටයි. ඊශ්‍රායලය තුළ කොරෝනා මර්දන එන්නතේ 03වන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන පසුගිය ජුලි මාසයේ සිට ක්‍රියාත්මක වුණා. එරට තුළ ෆයිසර් එන්නත පමණක් භාවිත කෙරෙනවා. එන්නත් මාත්‍රා දෙකම ලබාදුන් ලොව ප්‍රමුඛ පෙලේ රටවල් කිහිපය අතරට ඊශ්‍රායලය එක්ව තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය රට තුළ පැතිරීමත් සමඟ නැවතත් එරට ආසාදිතයින්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

 

The post ඊශ්‍රායලයේ 30ට වැඩි අයටත් කො‌රෝනා එන්නතේ 03 වන මාත්‍රාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG