හෙරොයින් ජාවාරමක නිරතවුණු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකා ගෝනහේන කදවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුවයි කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. වලිමුණි දේවගේ චන්ද්‍රිකා ගුණවර්ධන නැමැති පනස් දෙහැවිරිදි මෙම කාන්තාව පදිංචිව සිටින්නේ ද කිරිබත්ගොඩ ප්‍රදේශයේයි.
අත්අඩංගුවට පත්වන විට ඇය සන්තයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11 ක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 26 ක මුදලක් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ කිරිබත්ගොඩ පොලිසිය සිදු කරනවා.
The post හෙරොයින් ජාවාරමක නිරතවුණු කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment