Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රථම වරට තේ නිෂ්පාදනයට එක් වී සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ගාල්ලේ මීපාවල සණස සමිතිය  

Add comments

ප්‍රථම වරට තේ නිෂ්පාදනයට එක් වී ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් සණස සමිතියක් පිළිබද තොරතුරු අපට වාර්තා වනවා.

ගාල්ලේ මීපාවල සණස සමිතියයි තේ නිෂ්පාදනයට මෙලෙස එක්ව සිටින්නේ. ප්‍රදේශයේ වසා දමා තිබූ පැරණි තේ කම්හලක් පවරා ගත් මෙම සණස සමිතිය තේ නිෂ්පාදනයට අවතීර්ණ වුණේ පසුගිය වසරේදීයි. ප්‍රදේශයේ විවිධ තේ කම්හල්වලට සිය අමු තේ දළු ලබාදීමට පුරුදු වී සිටි සණස සමිතියේ කුඩා තේ වතු හිමියන්ට මේ තුළින් තමන්ගේ කම්හලකට අමු තේ දළු ලබාදීමේ අවස්ථාව උදා වුණා. මෙම තේ කම්හල පසුගිය 18 වනදා පැවති තේ වෙන්දේසියකදී තේ වර්ගයක් සදහා ලබා ගත හැකි ඉහළම වාර්තාගත මිලක් ලබාගත්තා. ඒ කිලෝග්‍රෑමයකට රුපියල් දෙදහස් හයසිය පනහක් ලෙස. මීපාවල සණස සමිතියට නව රැකියා අවස්ථාද මේ තුළින් ලබාදිමට හැකි වී තිබෙනවා. ***සනත් පතිරණ

මේ අතර කුළියාපිටිය නැගෙනහිර දඩගමුව ග්‍රාම නිලධාරී වසම තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. මෙම කාබනික පොහොර නිෂ්පාදනයට මෙන්ම ඒවා බෝග වගාවට යොදා ගන්නා ආකාරය පිළිබද ගොවීන් දැනුවත් කිරීමට ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ  නිෂ්පාදන සහකාර නිලධාරීන් එක්ව සිටිනවා.

 

The post ප්‍රථම වරට තේ නිෂ්පාදනයට එක් වී සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ගාල්ලේ මීපාවල සණස සමිතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG