එක් දිනකදී මෙරටින් වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනාගැණුනේ ඊයේ දවසෙදියි.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ අනූ අට දහස් අටසිය එක් දෙනෙකු වනවා. මෙම පිරිසට ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් 4446 දෙනාද ඇතුළත්. ආසාදිතයන් 44474 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ පිරිස තුන් ලක්ෂ හතලිස් හය දහස් හත්සිය හැට හතක්.
කොරෝනා මරණ 7750 ක් සිදුව තිබෙනවා. මෙම පිරිසට 190 දෙනෙකු අලුතින් එක් වුණා. මෙසේ මිය ගිය අතුරින් 113 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 77 දෙනෙකු කාන්තාවන්. අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 150 දෙනෙකු ඒ අතර වනවා. අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 38 දෙනෙකු සහ 30 ට අඩු දෙදෙනෙකු මිය ගිය අය අතර වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන්නේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර කළ හැකි කොරෝනා ආසාදිතයන්ගේ ධාරිතාව වැඩිවීම හේතුවෙන් පුංචි බොරැල්ලේ පිහිටි ගැලවීමේ හමුදාවේ නිවාසයද ජාතික රෝහලට ලබා දුන්නා. මෙම ස්ථානයේ රෝගීන් සිය දෙනෙකුට පමණ ප්‍රතිකාර කළ හැකියි.
මේ වනවිට කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් පිරිස එක් කෝටි විසි එක් ලක්ෂ හතලිස් නව දහස් හයසිය තිස් හතරක් දක්වා ඉහළ ගියා. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 5949431 ක්.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ඔවුන් සමීපයටම ගොස් එන්නත් ලබාදීමේ වැඩසටහනක් කැලණිය දළුගම ප්‍ර දේශයේ දී ක්‍රියාත්මක කෙරුණා. යුද හමුදාවේ මූලිකත්වයෙනුයි මෙය සිදු වන්නේ.
මෙසේ ගෙයින් ගෙට ගොස් එන්නත් ලබාදීමේ වැඩසටහන් යුද හමුදාව අද දිනයේ ද ක්‍රියාත්මක කරනවා. කළුතර, මොරටුව, මහරගම, නුගේගොඩ, වත්තල ආදි ප්‍ර දේශ මේ අතරට ඇතුළත්. එමෙන්ම මුලතිව්, ත්‍රිකුණාමලය, කිලිනොච්චි, ගම්පහ, යාපනය, වව්නියාව, මහනුවර යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බවයි යුද හමුදාව සඳහන් කරන්නේ.
මීට අමතරව ගාල්ල, මාතර, කුරුණෑගල, හම්බන්තොට, මන්නාරම, මඩකලපුව, නුවරඑළිය, මාතලේ, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කවලද ගෙයින් ගෙට ගොස් එන්නත් ලබාදීම අද දිනයේ සිදුවනවා. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද යුද්ධ හමුදාවේ දායකත්වයෙන් එන්නත්කරණ වැඩසටහන විහාරමහාදේවි උද්‍යානයේ දී හා දියත උයන පරිශ්‍ර යේදී අද දිනයේත් ක්‍රියාත්මකයි. දියත උයන පරිශ්‍ර යේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ සදුදා, අගහරුවාදා හා බදාදා යන දිනවලදී පමණයි.
පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් වයස අවුරුදු 60 ට වැඩි හා ආබාධිත අය සදහා එන්නත් ලබාදීමේ ජංගම වැඩපිළිවෙළක් අද දිනයේ ක්‍රියාත්මක කරනවා. පිලියන්දල, වෑවල, තුම්බෝවිල යන ස්ථානවලදී මෙසේ එන්නත් ලබා දෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබනවා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 4446ක් appeared first on ITN News.
Post a Comment