Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද දිනයේ මේ වන විට අලුතින් ආසාදිතයන් 3110 දෙනෙකු හඳුනා ගැනේ  

Add comments

අද දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 3110 දෙනෙකු හදුනාගත් බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

පසුගිය 17 වනදා සිට ඊයේ දිනය දක්වා මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3500 සීමාව ඉක්මවා ගොස් තිබුණා. මේ අතර වසංගත රෝග විද්‍යා අංශය පසුගිය විසි වනදා පස්වරුවේ තවත් ආසාදිතයන් හාරදහස් අටසිය අට දෙනෙකු සිය දත්තවලට එක් කර තිබුණා.

එම අංශය සදහන් කළේ මෙම පිරිස පසුගිය 16, 17, 18 සහ 19 යන දිනවලදී ප්‍රමාද වී වාර්තා වූ පිරිසක් බවයි. මේ අනුව මෙරටින් කොරෝනා ආසාදිතයන් 388806 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සුවය ලැබූ සංඛ්‍යාව 342159 ක්. මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 36354 ක්. ඊයේ අලුතින් කොරෝනා මරණ 198 ක් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 7183 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව එක් දිනක් තුළකදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. ඊයේ තහවුරු කෙරුණු මරණ අතර පිරිමි පුද්ගලයන් 117 දෙනෙකු සහ කාන්තාවන් 81 දෙනෙකු සිටිනවා. ඒ අතරින් වයස අවුරුදු 60 ඉක්මවූ සංඛ්‍යාව 154 ක්. වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 44 දෙනෙකුද කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තිබෙනවා.

මෙරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවද පසුගිය දින කිහිපය තුළදී ඉහළ යාමක් දැක ගැනීමට ලැබුණා. පසුගිය 16 වනදා සිට 20 වනදා තෙක් අඛණ්ඩව දින පහක් මෙරට දෛනික කොරෝනා මරණ 170 ක වැඩි සංඛ්‍යාවක් වාර්තා වුණා.

The post අද දිනයේ මේ වන විට අලුතින් ආසාදිතයන් 3110 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG