Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආනන්ද පාලිත මහතාට ඇප  

Add comments

ඉන්ධන හිඟයක් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූවේ යැයි  ප්‍රකාශයකට අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත මහතාට  ඇප නියම කර තිබෙනවා.

ඒ අද ඔහුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පසුගිය 19 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාවරයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශන යටතේ ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගෙන තිබුනේ.

එම මාධ්‍ය හමුවේදී අනන්ද පාලිත මහතා පවසා තිබුණේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික්ටොන් 65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 32,000 පමණක් ඇති බවයි.

එමෙන්ම එය දින 11ක තරම් කෙටි කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.

ඒ පිළිබඳව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශණයේදී අනාවරණ කරගෙන තිබුණේ පසුගිය 19වනදා වනවිට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 71,000ක් සහ ඩීසල් මෙට්‍රික්ටොන් 99,000ක් පවතින බවයි.

ඊට අමතරව සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දෛනිකව නිපදවනු ලබන ඩීසල් හා පෙට්‍රල් ඇති බවත්, ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා ඛණිජ තෙල් ගෙන්වීම සඳහා අණවුම් භාර දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව ආනන්ද පාලිත මහතා මධ්‍ය හමුවේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාව මත ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.

ඒ වත්තල, සිංහපාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

 

 

 

The post ආනන්ද පාලිත මහතාට ඇප appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG