ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සදහා වාණිජ ගුවන් යානා යොදවන බව ඇමරිකාව පවසනවා.
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කිරීමත් සමග ඇෆ්ගනිස්ථාන ජනතාව පලා යාමට උත්සාහ කරනවා. මේ වනවිට ගුවන් යානා 18 ක් මගින් ඇෆ්ගනිස්ථාන වැසියන් වෙනත් රටවල ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් සිටින බවයි ඇමරිකාව පවසන්නේ. පසුගිය සතිය තුළ පමණක් පුද්ගලයින් 28000 ක්
පමණ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමට ඇමරිකා ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන බලය අත්පත් කර ගැනීමෙන් පසු තවමත් දහස් ගණන් ජනතාව ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ගුවන් තොටුපොළේ රැදි සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඊයේ දිනයේ දී ද ගුවන් තොටුපොලේ සිදුවූ තෙරපීම් හේතුවෙන් පුද්ගලයින් විසි දෙනෙකු පමණ ජීවිත්කෂයට පත්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
The post ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් ඉවත් කර ගැනීමට ඇමරිකාවෙන් වාණිජ ගුවන් යානා appeared first on ITN News.
Post a Comment