පසුගිය දින කිහිපයේම වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් හාරදහස් හාරසිය අසූ තුන්දෙනෙකු හදුනා ගැනුනා. ඒ සමගින් මෙරටින් වාර්තා වු සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව හාරලක්ෂ හත්දහස් හත්සිය හැට එකක් දක්වා ඉහළ ගියා. ඒ අතුරින් පනස් දහස් අටසිය අනූ දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලබා ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් අට දහස් නවසිය තිහක්.
මේ අතර ඊයේ දිනයේ වාර්තා කළ කොරෝනා මරණ එකසිය අනූ අටද සමගින් මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හත්දහස් නවසිය හතළිස් අටක්. රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට මරණ 14 ක් සිදුව ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සදහන් කළා. දරුවන් තුළ රෝග ලක්ෂණ පවතීද යන්න පිළිබද දෙමව්පියන් දැඩි සැළකිල්ලක් යොමු කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර අසාධ්‍ය කෝවිඩ් රෝගීන් තම පෞද්ගලික වාහනයෙන් රෝහල් කරා රැගෙන යන කිතුනු පූජකතුමෙකු පිළිබදව වත්තල ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වනවා. අජිත් රෝහිත වන මෙම පූජකතුමා වත්තල පොලීසියේ මහජන ආරක්ෂක කමිටුව හරහා පොලිස් ස්ථානාධිපති ලලිත් සිලෝගම මහතාද දැනුවත් කර මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමටයි පියවර ගෙන තිබෙන්නේ.
ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කෝවිඩ් මර්දනය සදහා ගෙන වැඩපිලිවෙලට තම දායකත්වය ලබාදීමේ අරමුණින් ඇලහැර ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා හා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා තම මෙම මස වැටුප කෝවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව එහි සභාපති ජානක නලින් බණ්ඩාර මහතා සදහන් කළා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 4,483ක් appeared first on ITN News.
Post a Comment