Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක්  

Add comments

මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක් මේ මොහොතේ යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (25) ඉල්ලා සිටියේය.

ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමෙන් පසු ඉන්දීය මහකොමසාරිස් වරයා හා අමාත්‍යවරයා අතර නිල හමුව ඊයේ සිදු විය. සුවසිරිපායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී එම සුහද හමුව සිදු විණි.

ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මේ මොහොතේ අතිශය වැදගත් බවත් , ඔක්සිජන් අවශ්‍යතාව සදහා ප්‍රමුඛ අවධානයක් යොමුකළ යුතු බැවින් ඒ සඳහා ඉන්දියාවේ දැඩි අවධානයක් යොමුවනු ඇතැයි විශ්වාසය පළ කරන බව අමාත්‍යවරයා මෙහිදී කීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ ඉන්දීය මහකොමසාරිස් වරයා අතර කරුණු කිහිපයක් සාකච්ඡා කෙරිණි. මෙයට අමතරව Tocilizumad ඖෂධය (Tozi) මෙරටට ලබාදීම කෙරෙහිද ඉන්දියාවේ අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

දිගු කාලීන මිත්‍රත්වයක් පවතින අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව මේ මොහොතේ මෙරට කොවිඩ් මර්දනය උදෙසා ඉටුකරන කාර්යභාරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දැඩි පැසසුමට ලක් විය. දෙරට අතර පවතින එම සබඳතාවය තවදුරටත් ඉදිරියට ගෙනයමින් හැකි සෑමවිටම ඉන්දියාවෙන් ලබාදෙන සහයෝගය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙහිදී ඉන්දියානු මහ කොමසාරිස්වරයා නව සෞඛ්‍ය අමාත්‍යවරයාට සුභ පැතූ අතර , නව අමාත්‍යවරයා පත් කිරීම තුළින් රාජ්‍ය නායකත්වය අමාත්‍යවරයා කෙරෙහි පවතින විශ්වාසය පෙන්නුම් කළ බව හෙතෙම කීය. ඉන්දීය ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය හා සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යන බවත්,විශේෂයෙන් කොවිඩ් – 19 මර්දනයේදී ඉන්දියාවෙන් ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බවත් ගෝපාල් බාග්ලේ මහතා පවසා සිටියේය.

කොවිඩ් ව්‍යසනය මර්දනය වෙනුවෙන් දෙරටම අභියෝගයකට මුහුණ දී ඇති බවත් දෙරට මුහුණ දෙන අභියෝගාත්මක ක්‍රමවේදයන්හි ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනීම මිත්‍ර රටවල් ලෙස අතිශය වැදගත් බව ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

The post මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG