Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගන් ජනයාට දේශසීමා විවෘත කරන්න – නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක්  

Add comments

ඇෆ්ගනිස්තානය දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ පා ඇති බව නේටෝ සංවිධානය පෙන්වා දෙනවා. මිලියන 14ක් පමණ ඇෆ්ගන් වැසියන් සාගතයකට ලක් විය හැකි බවයි එම සංවිධානය වැඩිදුරටත් අනතුරු අඟවන්නේ.

ඇෆ්ගනිස්ථානයේ බලය තලෙයිබාන් සංවිධානය අතට පත් වී අදට දින 11 ක් ගත වී ගොස් තිබෙනවා. කාබුල් ගුවන්තොටුපොලේ පාලනය තවමත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හමුදා යටතේ පවතින අතර තම පුරවැසියන් සහ රටින් පිටවීමට උත්සාහ දරන ඇෆ්ගන් ජනතාව මුදා ගැනීමේ අඛණ්ඩ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා. කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රයට එල්ල වී ඇති ත්‍රස්ත අවදානම හේතුවෙන් මෙහෙයුම් කටයුතු අඩපණ වී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර නව තලෙයිබාන් පාලනය හමුවේ ඇෆ්ගනිස්තානය මානුෂීය අර්බුදයකට මුහුණ පා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. එබැවින් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට උත්සාහ දරන පිරිස් හට අසල්වැසි රටවල්වල දේශසීමා විවෘතව තැබිය යුතු බවයි නේටෝ සංවිධානය පෙන්වා දී තිබෙන්නේ. ඉරානය, පාකිස්තානය සහ ටජිකිස්ථානය මෙලෙස ගොඩබිම් දේශසීමා විවෘත කර තිබීම වැදගත් බවයි එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා මෙන්ම ඇෆ්ගනිස්තාන සිවිල් වැසියන් ඉවත් කර ගැනිම සඳහා ලබන 31 වනදා අවසන් කරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා. මේ වන විට ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට බලාපොරොත්තු වන එරට වැසියන් සියලු දෙනා හට තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකිවේද යන්න පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.

තලෙයිබාන් සංවිධානය බලයට පැමීණීමෙන් අනතුරුව කාබුල් ගුවන්තොටුපලේ සිට මේ වන විට පුද්ගලයින් අසූ දහසකට වැඩි සංඛ්‍යාවක් මුදවාගත් බවයි අමෙරිකාව පවසන්නේ. වසර ගණනාවක සිට නියගය,යුද ගැටුම්, ආර්ථික හානියන් මෙන්ම කෝවිඩ් වසංගතයෙන්ද පීඩාවට ලක්ව ඇති ඇෆ්ගනිස්තානය ඉදිර දින කිහිපය තුලදී දරුණු ආහාර හිගයකට මුහුණ දෙනු ඇති බවයි නේටෝ සංවිධානය පෙන්වා දී තිබෙන්නේ. තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඩොලර් මිලියන 200 ක් පමණ ඇෆ්ගනිස්තානයට ලබාදිය යුතුබවට නේටෝ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

 

 

 

 

The post ඇෆ්ගන් ජනයාට දේශසීමා විවෘත කරන්න – නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG