රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඉෂාලිනි ජූඩ් දැරිය මිය යාමේ සිද්ධියේ පස්වන සැකකරු ලෙස රිෂාඩ් බද්යුදීන් මහතා නම් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළා. ඔහු ලබන හය වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙරුණා. දැරිය මිය යාමේ සිද්ධියේ සැකකරුවන් වන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බද්යුදීන්ගේ බිරිද ඇයගේ පියා, සොහොයුරා සහ තැරැවුකරු ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ශේප කළා
The post ඉෂාලිනී මිය යාමේ සිද්ධියේ 5 වන සැකකරු ලෙස බදියුදීන් නම් කෙරේ appeared first on ITN News.
Post a Comment