Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැසියන් රටින් ගියත් විදේශ හමුදාවට පිටවෙන්න දුන් කාලය වෙනසක් නොකරන්න – තලෙයිබාන් තීරණයක  

Add comments

ඇෆ්ඝනිස්ථාන වැසියන් එරටින් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.  කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින විදෙස් හමුදා  සඳහා ඉවත්වීමට ලබාදී ඇති කාලය තවදුරටත් දීර්ඝ නොකරන බවයි තලෙබාන් සංවිධානය පවසන්නේ.

මේ නිසා ඇමෙරිකාව දැඩි අර්බුධයකට ලක්වී ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම කාලසීමාව දීර්ඝ කිරිම සම්බන්ධව තීරණයක් ඉදිරි පැය 24 ඇතුළත ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්  ලබා දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අගෝස්තු 31 වනදා වන විට ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා ඉවත් කර ගැනීම සිදු කළ යුතුයි. ඒ තලෙයිබාන් සහ ඇමෙරිකාව අතර එළඹි ගිවිසුමකට අනුවයි. නමුත් එම කාල සීමාව කිසිසේත් දීර්ඝ නොකරන බවයි තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කරන්නේ. එම ගිවිසුම උල්ලංඝනය කළහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි තලෙයිබාන් සංවිධානය අනතුරු අඟවන්නේ.

කෙසේවෙතත් තවමත් දහස් ගණන් ඇෆ්ගනිස්ථාන ජනතාව කාබුල් ගුවන් තොටුපළේ ගේට්ටු ආසන්නයේ රැඳි සිටින අතර අගෝස්තු 31 කාල විරාමය දීර්ඝ කිරීම පිළිබඳව සලකා බලන්නැයි ජර්මනිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුළු රටවල් රැසක් ඇමෙරිකාවෙන් ඉල්ලා තිබෙනවා. මේ වන විට ඇමෙරිකාව ඇෆ්ගන් වැසියන් 48,000කට වැඩි පිරිසක් මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කාබුල් නුවර හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළතින් විශාල දුමක් පිටවයන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඇෆ්ගනිස්ථානයේ නිදහස වෙනුවෙන් දහස් ගණන් ජනතාව තමන් සමග එක්වී සටන් කිරීමට සුදානම් බව ඇෆ්ගනිස්තානයේ තලෙබාන් විරෝධී කණ්ඩායමක් පවසනවා. NRF හෙවත් ඇෆ්ගනිස්තාන ජාතික විරෝධතා පෙරමුණ නමැති කණ්ඩායම මේ බව ප්‍රකාශකළා. මේ වනවිටත් ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නයේ බලය මෙම කණ්ඩායම සතුව පවතින බවයි වාර්තා වන්නේ. එම සංවිධානයේ විදේශ සබඳතා ප්‍රධානී අලි නසාරි පවසන්නේ තලෙබාන් සංවිධානය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන නමුත් එම සාකච්ඡා අසාර්ථක වුවහොත් සටන් කිරීමට සුදානම් බවයි.

 

The post වැසියන් රටින් ගියත් විදේශ හමුදාවට පිටවෙන්න දුන් කාලය වෙනසක් නොකරන්න – තලෙයිබාන් තීරණයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG