Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද සහ හෙට දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා පමණක් විවෘතයි  

Add comments

අද සහ හෙට දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා පමණක් විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර කොලඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළදාම් කටයුතු අද දිනයේ සිට ආරම්භ වුණා. අදාළ ජංගම වෙළෙදුන් වෙළදාම් කටයුතු සිදු කරන අවස්ථාවලදී එන්නත්කරණ කාඩ්පත් ළඟ තබා ගැනීම අනිවාර්ය වෙනවා.

අද දිනයේ මැනිං වෙළෙඳපොළ තොග වෙළඳාම සඳහා විවෘත කර තිබූ අතර පාරිභෝගිකයින් විශාල පිරිසක් මිලදී ගැනීම් සඳහා පැමිණ සිටිය බවයි අප වර්තාකරුවන් ප්‍රකාශ කළේ.

දඹුල්ල විශේෂිත ආර්ථික  මධ්‍යස්ථානය අද අලුයම හතරට විවෘත කිරීමත් සමඟ ගොවීන් විශාල පිරිසක් තම අස්වනු අලෙවි කිරීම් සඳහා රැගෙන තිබුණු අතර ඒවා මිලදී ගැනීම සඳහා ද ව්‍යාපාරිකයන් විශාල පිරිසක් පැමිණීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය  ඉදිරිපිට ප්‍රධාන මාර්ගවල ද දැඩි තදබදයක් පැවතුණා.

නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයද අද උදෑසන විවෘත කර තිබුණා. අවශ්‍ය තරම් එළවළු පලතුරු මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳ පොළට ලැබී තිබුනත් එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ සිටි වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබුණා.

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය ද අද දිනයේ විවෘත කර තිබෙනවා. එළවළු තොග විශාල වශයෙන් ලැබී ඇති අතර මිලදී ගැනීම් සඳහා ද වෙළෙදුන් පැමිණ සිටි ආකාරය දැක ගත හැකිවූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙතම ගොස් අලෙවි කිරීම සඳහා ජංගම සේවාවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ ජංගම වෙළෙන්දන්ට මාර්ග අසල තබාගෙන වෙළෙඳාම් කිරීම තහනම් බවයි. එමෙන්ම තමන්ට නියමිත ප්‍රදේශයෙන් බැහැරව වෙළෙඳාම් කටයුතුවල යෙදෙනෙ වෙළෙඳුන් සම්බන්ධයෙන්ද නීති මගින් කටයුතු කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද දිනයේ විවෘතව තැබෙනවා. අඩු මිළ ගණන් යටතේ මත්ස්‍ය තොග අලෙවි කෙරුණු බවයි වෙළෙදුන් ප්‍රකාශ කළේ.

 

The post අද සහ හෙට දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා පමණක් විවෘතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG