Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලුම අබාධිත ප්‍රජාව වෙනුවෙන් කේන්ද්‍රීය කාර්යාලයක් ස්ථාපිත කිරීමට උපදෙස් – ඇමති ඩලස්  

Add comments

මෙරට සියලුම අබාධිත ප්‍රජාව වෙනුවෙන් කේන්ද්‍රීය කාර්යාලයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කිරීමට උපදෙස් ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

ඒ අනුව, මෙරට සියලුම අබාධිත ප්‍රජාව වෙනුවෙන් කේන්ද්‍රීය කර්යයාලයක් ජනමාධ්‍ය අමාත්‍යංශය තුළ ඇති කරන්නට තීන්දුවක් ගෙන තිබෙන බවත්, එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ පහළමාලය අබාධිත පුරවැසියන්ට අවශ්‍ය සියලු පහසුකම් සහිතව සැදීමට උපදෙස් ලබා දී ඇති බවත් එකී කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ නියෝජිතයෙකු පූර්ණ කාලීනව ජනමාධ්‍ය අමාත්‍යංශය තුළ ස්ථාන ගත කරවීමට ද කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටියේය.

මෙරට ජනගහනයෙන් 8.7% ක් නොයෙකුත් අබාධයන් සහිතව සිටින ප්‍රජාවක් සිටින අතර අබාධිත වූ දරුවන් දහස් ගණනක් ඒ අතර සිටී. එමෙන්ම, ඕනෑම රටක්, සමාජයක්, පුරවැසියෙක්, අබාධිත ප්‍රජාවට, අබාධිත දරුවන්ට සළකන්නේ කෙසේ ද යන්න ශිලාචාර කම මනින ලොව නූතන දර්ශකයක් ව ඇති බව ද පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා, මෙරට අබාධිත පුරවැසියන් උදෙසා කේන්ද්‍රීය ස්ථානයක් නොමැති කම පිළිබඳව අතිශය කණගාටුවට පත් වන බව ද සඳහන් කර සිටියේය.

වත්මන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති ආකාරයට අබාධිත ප්‍රජාව වෙනුවෙන් එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව අබාධිත ප්‍රජාව සම්බන්ධිත සංවිධාන සමඟ ද ඉදිරි සතියේ දී මේ පිළිබඳ සකච්ඡා කරන බවත්, අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

The post සියලුම අබාධිත ප්‍රජාව වෙනුවෙන් කේන්ද්‍රීය කාර්යාලයක් ස්ථාපිත කිරීමට උපදෙස් – ඇමති ඩලස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG