Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

”නැදුන්ගමුවේ රාජා” රටට කියාදුන් පාඩම අද්විතීයයි – ඇමති ඩලස්  

Add comments

න්දෝලි පෙරහැරට සදාතුක කරඬුව වඩමවමින් දළදා මාළිගාවේ පඩිපෙළ බැසීමේදී නැදුන්ගමුවේ රාජා හස්තියා පාවඩය හැකිලුණුතැන නතරවී තම හොඬවැළෙන් පාවඩය සැකසීම, රාජා හස්තියාගේ විනය මොනවට කියාපාන්නක් බවද, එලෙස නැදුන්ගමුවේ රාජා හස්තියා අප රටට කියාදුන් පාඩම අද්විතීය බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නිරෝධායන ඇදිරිනීතිය සමයෙහි ඇතැම් වෙළදසැල් හිමියන් විසින් සිය වෙළදසැල් අනවසරයෙන් පවත්වාගෙන යාම සම්බන්ධව රජයේ ක්‍රියාමාර්ග විමසමින් මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

රටේ පවත්නා නීති රීති වලට අමතරව පුරවැසියන් සියලුදෙනා ස්වයං විනයක් පවත්වාගෙන යාම ඉතාම වැදගත් බවත්, විශේෂයෙන්ම මෙවන් දුෂ්කර මොහොතක දේශපාලනඥයන් ඇතුලුව මෙරට සෑම පුරවැසියෙකුටම නැදුන්ගමුවේ රාජා හස්තියා ලබාදුන් ආදර්ශය සහ විනයගරුක බව තමන්ගේ ජීවිතයට එකතු කරගැනීමේ වැදගත්කමද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම විනය සියලුදෙනා පවත්වාගෙන යනවා නම් එම ගැටලුවට පමණක් නොව තවත් බොහෝ කාරණා වලටද පිළිතුරු සොයාගැනීම පහසු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

The post ”නැදුන්ගමුවේ රාජා” රටට කියාදුන් පාඩම අද්විතීයයි – ඇමති ඩලස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG