ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය අවම කිරීමේ අරමුණින් එරට පළමු දුම් කුළුණ විවෘත කෙරුණා.
නවදිල්ලි අගනුවර වායු දූෂණය දෛනිකව ඉක්මාව යෑම හේතුවෙනුයි මෙම දුම් කුළුණ ඉදි කර ඇත්තේ. එමඟින් අහිතකර වායු අංශු ඉවත් කිරීම සිදු කෙරෙනවා. නවදිල්ලී අගනුවර කාර්යබහුල සාප්පු සංකීර්ණ අසලයි මෙය ස්ථාපනය කර ඇත්තේ. මීටර් 25 ක් උස කුළුණක් මත යෝධ විදුලි පංකා 40 කින් මෙය සමන්විත වනවා. එමඟින් තත්පරයට ඝන මීටර් 1,000ක වාතය පෙරීමක් සිදු කර අවට ඇති අහිතකර අංශු සංඛ්යාමව අඩකින් අඩු කිරීම සිදු කරනවා. නව දිල්ලියේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් දුම් කුළුණ විවෘත කරමින් සඳහන් කළේ. මේ සඳහා ඩොලර් මිලියන 2 ක් වැය කළ බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව දැනට ලෝකයේ දූෂිතම නගර 15 න් 14ක්ම පිහිටා ඇත්තේ ඉන්දියාවේයි. 2020 සිදු කළ අධ්‍යනයකින් හෙළි වූණේ ඉන්දියාවේ මරණවලින් මිලියන 1.67ක් ම වායු දූෂණය හේතුවෙන් සිදුව ඇති බවයි.
The post නවදිල්ලි අගනුවර වායු දූෂණය අවම කිරීමේ අරමුණින් එරට පළමු දුම් කුළුණ විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment