Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆයිසර් එන්නතට ඇමෙරිකා ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය  

Add comments

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ පූර්ණ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ පූර්ණ අනුමැතිය හිමිවූ පළමු කොවිඩ් මර්ධන එන්නත මෙය වනවා. එන්නත් මාත්‍රා දෙකකින් යුත් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත වයස අවුරුදු 16 ඉක්මවූ සියලු දෙනා සඳහා ලබාදීමට හැකියාව පවතිනවා.

පසුගිය දෙසැම්බර් මස මැද භාගයේදී ෆයිසර් එන්නත ඇමෙරිකාවේ වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයින්ගේ හදිසි භාවිතය සඳහා එරට ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය ලබාදුන්නා. පසුව එම වයස් සීමාව අවුරුදු 12 තෙක් පහළ දැමීමට ඇමෙරිකාවේ සෞඛ්‍ය අංශ කටයුතු කළා.

කෙසේ වෙතත් අවුරුදු 12ත් 15ත් අතර අයට මේ එන්නත ලබාදීම සඳහා පූර්ණ අනුමැතිය තවමත් හිමිවී නැහැ. ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය සඳහන් කළේ පුද්ගලයින් 44,000ක් යොදා ගනිමින් සිදු කළ පර්යේෂණ වලින් ලබා ගත් දත්ත පදනම්ව මෙයට අනුමැතිය ලබා දුන් බවයි. එමෙන්ම කොරෝනා වයිරසය සඳහා 91%ක් ප්‍රතික්‍රියා කරන බවද ඔවුන් සඳහන් කළා.

 

The post ෆයිසර් එන්නතට ඇමෙරිකා ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG