Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයෙන් නව ආසාදිතයින් 62 ක් හඳුනා ගැනේ  

Add comments

දැඩි පාලනයකින් යුතුව කොරෝනා වයිරසය සඳහා මුහුණදෙන නවසීලන්තයෙන් නව ආසාදිතයින් 62 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව නවසීලන්තයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 210ක් දක්වා ඉහළ ගියා.  නව ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු හමුවී ඇත්තේ එරට අගනුවර වන වෙලිංටන් නගරයෙන්. නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නගරයෙන් පළමුවරට ඩෙල්ටා ප්‍රභෙදය සහිත කොරෝනා ආසාදිතයෙකු හමුවුණා. ඔක්ලන්ඩ් නගරය කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වුණා. කෙසේ නමුත් මේ වන විට වෙලිංටන් නගරයෙන් හමුවීමත් සමඟ භයානක තත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. නවසීලන්තය මේ වන විට රට වසා දමා ඇති අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මකයි. නවසීලන්තයේ සමස්ත ජනගහණයෙන් 26% දෙනෙකුට එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබෙනවා.

 

 

The post නවසීලන්තයෙන් නව ආසාදිතයින් 62 ක් හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG