Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය අද දැනුම් දෙන බව ලංකා ගුරු සංගමය කියයි  

Add comments

ගුරු විදුහල්පති ගැටලුව විසදීම සම්බන්ධයෙන් තම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය අද දැනුම් දෙන බව ලංකා ගුරු සංගමය පවසනවා.

ගුරු විදුහල්පති ඔන්ලයින් වර්ජනය ආරම්භ කර අදට දින 45 කට අධික කාලයක් ගත වී තිබෙනවා. එයට විසදුම් ලබාදීම සදහා රජය ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා. කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුකමිටුවක් පත් කළ අතර පසුගිය සතියේදී සියලු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අනුකමිටුව සාකච්ඡා කළා. එහි නියෝජිතයින් මුදල් අමාත්‍යවරයාද මුණ ගැසුණු අතර ඔවුන් සකස් කළ වාර්තාව මෙවර කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කළා. ඒ පිළිබද තීරණය ලබන කැබිනට් මණ්ඩලයේදී ලබාදෙන බවයි ප්‍රකාශ කෙරුණේ.

 

 

The post ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය අද දැනුම් දෙන බව ලංකා ගුරු සංගමය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG