ඕස්ට්‍රේලියාව තුළ රට වසා දැමීමට ගත් තීරණය වෙනුවෙන් තමන් දැඩි ලෙස පෙනී සිටින බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.
ඕස්ට්‍රේලියා ජනතාවගෙන් 70% කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදීම සිදුවන තුරු රට වසා දැමීමේ වැඩසටහන් සදහා යොමු වීමට සිදුවන බවයි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවයරයා සදහන් කර ඇත්තේ.
ඕස්ට්‍රේලියාව තුළ අද දිනය තුළදී ඩෙල්ටා වයිරසය ආසාදනය වූ පුද්ගයන් 914 දෙනෙකු හමුවීමත් සමග රටවැසීමේ තිරණයකට ඕස්ට්‍රේලියා රජය එළඹුනා. රට වසා දැමීමට විරෝධය පල කරමින් සිඩ්නි සහ මෙල්බන් නගරවල උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වු පුද්ගලයන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමටද එරට පොලිසිය කටයුතු කර තිබුණා.
වැඩිම සංචරණ සීමාවන් පනවා ඇත්තේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලටයි. ඕස්ට්‍රේලියාව තුළ කොරෝනා ආසාදනය වූ පිරිස 12000 ක්. ඩෙල්ටා වයිරසය පැතිර යාමේ තුන්වන රැල්ලක් ඕස්ට්‍රේලියාව තුළ ඇති වුවද එය වෙනත් රටවලට සාපේක්ෂව අඩු මට්ටමක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මෙතෙක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 44000 ක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 981 ක්.
The post 70%කට එන්නත විදිනකල් රට අරින්නේ නෑ – ඕස්ට්‍රේලියා අගමැති appeared first on ITN News.
Post a Comment