Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ ආර්ථිකය අවුල් කිරීමට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ  

Add comments

සියලු කර්මාන්ත සහ වැවිලි ක්ෂේත්‍රයේ කටයුතු ද අත්හිටුවා මුළු රටම දින නියමයක් නැතිව මාස ගනණක් වසා තැබීම විපක්ෂයේ සමහර දේශපාලන කණ්ඩායම්වල අඳහස වන බවත්,එමඟින් රට තුළ අරාජික තත්ත්වයක් සහ වියවුල් තත්ත්වයක් ඇති කිරීම ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය බවත් ඊට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා ඇත.

ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, රජයේ සියලු පියවරයන් වෙනුවෙන් එකට පෙනී සිටිමින් කටයුතු කරන අතර ජනතාව අතරට ගොස් කරුණු දැක්වීම තවදුරටත් පුලුල්ව ඉදිරියට ගෙන යමින් විපක්ෂයේ මෙම දේශපාලන උපක්‍රම පරාජය කිරීමට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා;
“අද රටේ පවතින වර්තමාන වසංගත තත්වය හමුවේ රට තාවකාලිකව දින කීපයකට වසා දමන ලෙස අපත් රජයට යෝජනා කළා. එය සිදු කළ යුත්තේ රටේ ආර්ථික තත්ත්වය අඛණ්ඩව පවත්වා ගෙන යෑම තුළින් තේ, රබර් ඇතුළු වැවිලි කර්මාන්ත, අපනයන ක්ෂේත්‍රෙය් කර්මාන්ත මෙන්ම කෘෂිකර්මික කටයුතු ද පවත්වා ගෙන යාම තුළිනුයි. ඒ ආකාරයට අද වන විට දින දහයකට රට වසා තිබෙනවා.”

”නමුත් ජ.වි.පෙ. සහ ස.ජ.බ. උත්සාහ ගනනේ රටේ සියළු ක්ෂේත්‍රයන් අඩපණ කිරීමටයි. සියළු කර්මාන්ත වසා දැමීමටයි. ජ.වි.පෙ.ට සහ ස.ජ.බ.ට මා කියා සිටිනවා, වැවිලි ක්ෂේත්‍රයේ සහ අපනයන කර්මාන්ත වල මෙන්ම ගොවි ජනතාව ද තම කර්මාන්තයේ නියැලීම වළක්වන්නට ගන්න උත්සාහය වැඩකට නොමැති දෙයක් වන බව.”

”ජනාධිපතිවරයා ජාතිය අමතා කියා සිටියේ, රටේ අපනයන ආර්ථික ක්‍රියාකාරීත්වයේ පැවැත්ම ඉදිරියට ගෙන යමින් මේ රටේ ආර්ථිකයේ බිඳ වැටීමක් ඇති වන්නට ඉඩ නොතබමින් රජය කටයුතු කරන බවයි. ඒ අනුව, රටේ ආර්ථිකය අරාජික කිරීමට විපක්ෂය ගන්නා වෑයමට කිසිසේත් ඉඩ ලබා නොදෙන” බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

The post රටේ ආර්ථිකය අවුල් කිරීමට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG