තලෙයිබාන් සංවිධානයට එරෙහිව සටන් කිරීමට දහස් ගණනක පිරිසක් සූදානම් බව ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් එරෙහි විරෝධී කණ්ඩායමක් පවසනවා.
ඇෆ්ගනිස්ථානයේ ජාතික විරෝධතා පෙරමුණේ විදේශ සබදතා ප්‍රධානි අලි නසාරි බී බී සී පුවත් සේවය වෙත පැවසුවේ සාමකාමී සාකච්ඡා සදහා අවස්ථාව ඔවුන්ට අවශ්‍ය බවයි. එලෙස සාකච්ඡා අසාර්ථක වුවහොත් තලෙයිබාන් සංවිධානයේ කිසිදු ආකාරයක ආක්‍රමණයක් අනුමත කරන්නේ නැති බවද ඔවුන් සදහන් කළා. මේ වනවිටත් ඇෆ්ගනිස්ථානයේ ජාතික විරෝධතා පෙරමුණ ඇෆ්ගනිස්ථානයේ පන්ච්ෂීර් නිම්නය ආශ්‍රිතව ඔවුන්ගේ බලය තහවුරු කරගෙන ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
The post ඇෆ්ගනිස්ථාන ජාතික විරෝධතා පෙරමුණ පන්ච්ෂීර් නිම්නය ආශ්‍රිත බලය තහවුරු කරගනී appeared first on ITN News.
Post a Comment