Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවසන් රන්දෝලි පෙරහැරේදී තම පාවඩය නිසි ලෙස සකසා ගත් නැදුන්ගමුවේ රාජා  

Add comments

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරේ දළදා කරඩුව වැඩම කළ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා තම පාවඩය නිසි ලෙස සකසා ගන්නා අපුරු දසුනක් ඊයේ රාත්‍රියේදී මුළු ලෝකයටම දැකබලා ගන්න හැකියාව ලැබුණා. මේ වන විට සමාජ මාධ්‍ය තුළත් මේ බුද්ධිමත් හස්ති රාජයාගේ එම හැසිරිම් රටාව ගැන බොහෝ පිරිසක් කතාබහ කරනවා.

අවසන් රන්දෝලි පෙරහැරට දළදා කරඩුව දරමින් එක්වන අවස්ථාවේදී නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ගමන් කළ පාවඩය අවුල්ව ගොස් තිබූ අතර මෙම හස්තිරාජයා එම අවුල් වූ පාවඩය තම දෙපා සහ හොඩයෙන් නිසි ලෙස පිළිවෙළට සකස් කරන ආකාරය කැමරා කාචයන්වල ඉතා අපූරුවට සටහන් වුණා. ඇතැම් අවස්ථාවල බුද්ධිමත්ම සත්වයා වන මිනිසාටද එහා ගිය විනයක් හික්මීමක් මේ අභිමානවත් හස්ති රාජයා තුළ දැකගත හැකි නිසාම නැදුන්ගමුවේ රාජාට ලක්වාසී ජනතාව පමණක් නොව විදේශිකයන්ද දක්වන්නේ පුදුමාකාර ආදරයක්. වයස අවුරුදු හැත්තෑවකට ආසන්නව සිටින මේ පින්වත් සද්දන්ත රාජයාට තවත් බොහෝ කලක් උතුම් දළදා කරඩුව වැඩම කරවන්නට යෝධ බලය යෝධ ශක්තිය ලැබේවා යන්න අප සියලුදෙනාගේ ප්‍රාර්ථනයයි.

මේ අතර අවසන් රන්දෝලි පෙරහැර අවස්ථාවේදී නාථ සහ විශ්ණු දේවාලවල පෙරහැර අවසන් වීමෙන් පසුව කතරගම දේවාලයේ පෙරහැරට සුදානම්ව සිටි හස්තීන් දෙදෙනෙකු සුළු කලබලකාරී ස්වභාවයක් පෙන්නුම් කර තිබෙනවා. මේ හේතුවෙන් යම් ප්‍රමාදවීමකට පසුව නැවත චාරිත්‍රානුකූලව පෙරහැර සුපුරුදු පරිදි ගමන් ගත් බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කරනවා. මෙන්ම මෙම සිද්ධියේදී කිසිදු දේපළ හෝ පුද්ගල හානියක් සිදුව නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

 

The post අවසන් රන්දෝලි පෙරහැරේදී තම පාවඩය නිසි ලෙස සකසා ගත් නැදුන්ගමුවේ රාජා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG