Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ගැන නවතම හෙළිදරව්ව  

Add comments

කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ආසාදිතයින්ගේ වයස හා ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස්වන බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ. කැස්ස , ගද සුවද නොදැනී යාම , උදරයේ වේදනාව , පාදවල බිබිලි හටගැනීම ඇතුළු රෝග ලක්ෂණ 19 ක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකර තිබෙනවා. ගඳ සුවද නොදැනී යාමේ රෝග ලක්ෂණය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතර බහුලව දක්නට නොලැබෙන අතර වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයින් අතර එම රෝග ලක්ෂනය නොමැති බව මෙහිදී තහවුරු වී තිබෙනවා. පපුවේ වේදනාව , අසාමාන්‍ය මස්පිඩු වේදනාව , ශ්වසන අපහසුතා ආදිය වයස අවුරුදු 60 ත් 70 ත් අතර ආසාදිතයන් අතර බහුලව දක්නට ලැබෙන බව වාර්තාවේ සඳහන්.

 

The post කොරෝනා ගැන නවතම හෙළිදරව්ව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG