රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් මත්‍ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 666 ක් මෙසේ අත්අඩංගුවට ගැණුනා. වත්තල, වනවාසල පාර, ජයන්ති විහාරය ඉදිරිපිට කළ වැටලීමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරන්නේ.
අයිස් මත්‍ද්‍රව්‍ය තොගය සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙක්.
The post රුපියල් කෝටි 2කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment