Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 30 දෙනෙකු අතුරුදන්  

Add comments

ඉන්දියාවේ ඇසැම් ප්‍රාන්තයේ මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 30 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එම යාත්‍රාවේ 100කට වැඩි පිරිසක් ගමන් ගනිමින් සිටියා. එම යාත්‍රාව තවත් යාත්‍රාවක් සමඟ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. ජීවිතාරක්ෂක මෙහෙයුමකින් 45 දෙනෙකු මුදවා ගැනීමට හැකි ව තිබෙනවා. තවත් කිහිපදෙනෙකු පිහිනා ගොඩබිමට පැමිණි බවයි වාර්තා වන්නේ. එක් දැරියක් මිය ගිය බවද සඳහන්. ප්‍රදේශවාසීන් සහ ඇසැම් පොලීසිය අතුරුදන්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 

The post ඉන්දියාවේ මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 30 දෙනෙකු අතුරුදන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG