ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හරිත රටක් සංකල්පය යටතේ වස විසෙන් තොර කාබනික වගාව ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට සාර්ථක ලෙස කාබනික වගාවන් සිදු කරන ගොවීන් රැසක් අපට වාර්තා වුණා.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධීක්ෂණය යටතේ බකමූණ ගල්මුල්ල ඒකකයේ ගොවි සංවිධාන 33 ක එකතුවෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 4500 ක් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. සෑම ගොවියෙකුටම තම ගෙවත්තේ කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමට හැකි තත්ත්වයක් ඉදිරියේදී සකස් කරන බව මෙම පොහොර නිෂ්පාදන වැඩපිළිවෙල ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සදහන් කළා. බකමූණ සංවර්ධන කළාපය තුළ කාබනික පොහොර මෙට්‍රික්ටොන් 10,000 ක් පමණ නිෂ්පාදනය කිරීම රජයේ ඉලක්කයයි.
එළඹෙන මහකන්නයේ වී වගාව සදහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ද යොමු වී තිබෙනවා. වගාවන්හි පෝෂණයට අවශ්‍ය සියලු මූල ද්‍රව්‍ය එක්කරමින් ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදන වැඩපිලිවෙලකට අමල් ජයන්ත ගොවි මහතා යොමු වී ඇති ආකාරය අපට දැක ගැනීමට ලැබුණා.
The post ගොවි සංවිධාන 33කින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 4500ක් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment