තලේබාන් සංවිධානය පුද්ගලයින් 4 දෙනෙකු ඝාතනයකර ඔවුන්ව හෙරට් නගර මධ්‍යයේ එල්ලා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ දරුවා පැහැර ගැනීමට සම්බන්ධ වීම හේතුවෙන් ඔවුන් ඝාතනය කළ බව හෙරට් නගරයේ නියෝජ්‍ය නගරාධිපතිවරයා සඳහන් කරනවා. හෙරට් නගර මධ්‍ය යේ ඔවුන්ව එල්ලා තැබුවේ සාමාන්‍ය වැසියන්ට පාඩමක් ඉගෙනීමට බව ඔහු තවදුරටත් සඳහන් කරනවා. ඔවුන් සමඟ වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති අතර තලේබාන් සෙබලෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පැහැර ගැනීමට ලක්වූ ව්‍යාපාරිකයා හා ඔහුගේ දරුවා නිරුපද්‍රිතව පසුවන බව තලේබාන් සංවිධානය නිවේදනය කරනවා.
The post තලේබාන් සංවිධානය පුද්ගලයින් 4 දෙනෙකු ඝාතනය කර නගරය මැද එල්ලයි appeared first on ITN News.
Post a Comment