Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Covid ආසාදිතව මිය යන පුද්ගලයන්ට පාංශුකූලය දීමට මහා සංඝ රත්නය ඉදිරිපත් වෙයි  

Add comments

කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවී තිබෙන අභියෝගයත් සමග සමාජ ජීවිතයේ විවිධ අංශවල ගැටළු මතුවී තිබෙන ආකාරය අපට පසුගිය කාලයේ දී දැක ගන්නට ලැබුණා.

කොරෝනා වයිරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමේ දී ආගමානුකූල චාරිත්‍ර වාරිත්‍ර පවා ඉටු කර ගැනීම ගැටළුවක් වුණා. මේ ප්‍රශ්නය හමුවේ කොළඹ එෆ් ආර් සේනානායකාරාම භික්ෂු ගිලන් මධ්‍යස්ථානය බෞද්ධ ජනතාව වෙනුවෙන් විශේෂ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වන පුද්ගලයන්ගේ දේහ සෞඛ්‍ය ආරක්ෂක හේතු මත ඥාතීන්ට ලබා නොදෙන අතර පැය 24 ක කාලයක් තුළ අවසන් කටයුතු ද සිදු කෙරෙනවා. මෙවැනි හදිසි මොහොතකදී අවමංගල්‍ය සේවා ආගමානුකූල වතාවත් සිදු කර දීමට පූජ්‍ය තෙල්වත්තේ නන්දතිස්ස ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට බොරැල්ල එෆ් ආර් සේනානායකාරාම භික්ෂු ගිලන් මධ්‍යස්ථානය කටයුතු කළා.

මෙම ආගමික සේවාවන් නොමිලේම ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. සිංහල බෞද්ධ ජනතාවට පමණක් නොව සියළුම ජන කොටස්වලට පාංශකූල කටයුතු සිදු කිරීමට මහා සංඝ රත්නය ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටිනවා.

 

The post Covid ආසාදිතව මිය යන පුද්ගලයන්ට පාංශුකූලය දීමට මහා සංඝ රත්නය ඉදිරිපත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG