Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හේතුවෙන් වසා දැමුණු වෙනිසියුලාවේ පාසල් යළි ඇරඹෙයි  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු වෙනිසියුලාවේ පාසල් යළි ආරම්භ කෙරුණා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට දීර්ඝ කාලයක් වෙනිසියුලාවේ පාසල් වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. කෙසේ වුවද ඊයේ සිට එරට පාසල් හා විශ්වවිද්‍යාල යළි විවෘත කෙරුණා. ඒ සමඟම එරට මිලියන 11 ක් පමණ වන සිසුන්ට තම අධ්‍යාපන කටයුතු නොකඩවා සිදු කර ගෙන යාමට අවස්ථාව හිමිව තිබෙනවා. පාසල් සිසුන් මිලියන 8.7 ක් හා විශ්වවිද්‍යාල සිසුන් මිලියන 3.1 ක් ඊට ඇතුළත්. වයිරස ආසාදිතයින් හමු වන ප්‍රදේශයන්හි පාසල් විවෘත කර නොමැති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post කොරෝනා හේතුවෙන් වසා දැමුණු වෙනිසියුලාවේ පාසල් යළි ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG