අඛණ්ඩව සතියක පමණ කාලයක් පුරා රුසියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේ දී එරට මරණ 1069 ක් සිදුව තිබෙනවා.
පසුගිය සතියක කාලය තිස්සේ වැඩිම දෛනික මරණ වාර්තා වන්නේ ද රුසියාවෙන්. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ තිස් එක් දහස් හයසිය හැට නවය දක්වා ඉහළ ගියා. කෙසේ වුවද ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඇමරිකාවෙන්. එම සංඛ්‍යාව හතලිස් නව දහසකට ආසන්නයි.
ඒ සමගම ලොව පුරා රටවල්221 කින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි හතර කෝටි හතලිස් අට ලක්ෂය ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හතලිස් නව ලක්ෂ හැත්තැ දහස් එකසිය හැට හතරක්.
The post අඛණ්ඩව සතියක් රුසියාවෙන් දෛනිකව කොරෝනා මරණ 1000 ඉක්මවා වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment