අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය.
පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අලුයම සය නිවුන් දරුවන් මෙලොව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවන් තිදෙනෙකු හා ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිති.
දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන්දාව උපන් මෙම සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා බැලීමට ගිය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය නයින්වේල්ස් රෝහලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමණාකරු සුසන්ත පීරිස් මහතා ඇතුළු කාර්යය මණ්ඩලය විසින් පළමුව පිළිගනු ලැබූහ.
අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යාව සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා බලා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය.
දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමූ අග්‍රාමාත්‍ය ආර්යාව ඉදිරියේ දී ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මැදිහත් වන බව දැනුම් දුන්නාය.
මෙම අවස්ථාවට නයින්වේල්ස් රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂ තියෝ ෆනෑන්ඩො මහතා ද එක්ව සිටියේය.
The post අග්‍රාමාත්‍ය ආර්යාව සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසයි appeared first on ITN News.
Post a Comment