චිලී රාජ්‍යයේ වයස අවුරුදු 6ත් 11ත් අතර දරුවන්ට කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබා දීම ආරම්භ කර තිබෙනවා.
චිලී රාජ්‍යයේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම සඳහා එන්නත්කරණය අත්‍යවශ්‍ය බවයි එරට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කරන්නේ. ඒ අනුව එරට පාසල් දරුවන්ට සිනොවැක් එන්නත ලබාදීමට පියවර ගෙන තිබෙනවා. වයස අවුරුදු 6 ත් 11 ත් අතර දරුවන් මිලියන 1.5කට එන්නත් ලබාදීමට නියමිතයි. වයස අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා චිලී රාජ්‍ය තුළ ෆයිසර් එන්නත ලබාදී තිබෙනවා. එරට මිලියන 19ක ජනගහනයක් වාසය කරන අතර ඉන් මිලියන 13.4කට එන්නත් ලබාදී අවසන්.
The post චිලී රාජ්‍යයේ අවුරුදු 6-11ත් අතර දරුවන්ට කොරෝනා එන්නත ලබාදීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment