Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයේ ඉන්ධන පිරවුම්හල් වලින් 90%ක් තාවකාලිකව වසා දැමේ  

Add comments

බ්‍රිතාන්‍යයේ ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එරට පිරවුම්හල් 90%ක පමණ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.

ඉන්ධන බවුසර් රථ ප්‍රවාහනය සඳහා රියදුරන් නොමැති වීම හේතුවෙන් පසුගිය සතියේ සිට බ්‍රිතාන්‍ය ජනතාව ඉන්ධන හිඟයකට මුහුණ දී සිටිනවා. ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන අතර ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් මෙම අර්බුදය උග්‍ර වී ඇති බවයි රජය පවසන්නේ. ඉන්ධන හිඟතාව හේතුවෙන් පිරවුම්හල් තාවකාලිකව වසා දැමීම හරහා ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඉන්ධන ප්‍රවාහනයට අවශ්‍ය ට්‍රක් රථ රියදුරු හිඟය මග හැරවීමට විදෙස් රටවලින් තාවකාලික වීසා බලපත්‍ර යටතේ රියදුරන් ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍ය රජයේ අවදානය යොමුව තිබෙනවා. එමෙන්ම ඉන්ධන ප්‍රවාහනයට හමුදාව යොදා ගැනීමට රජය සූදානම් වනවා.

 

The post බ්‍රිතාන්‍යයේ ඉන්ධන පිරවුම්හල් වලින් 90%ක් තාවකාලිකව වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG