දකුණු කොරියාව තුළ සුනඛ මාංශ පරිභෝජනය තහනම් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව එරට ජනාධිපති මූන් ජේ ඉන් පවසනවා.
අතීතයේ දී සුනඛ මාංශ සදහා දකුණු කොරියාව තුළ අධික ඉල්ලුමක් පැවතියද මේ වනවිට එම තත්ත්වය අවම වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද සුනඛ මාංශ පරිභෝජනය තහනම් කිරීමට කාලය එළඹ ඇති බව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී සදහන් කර තිබෙනවා. එරට තුළ නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මෙම පියවර උපකාරි වනු ඇති බවටයි විශ්ලේෂකයින් පවසන්නේ. කෙසේ වුවද සුනඛ මාංශ පරිභෝජනය තහනම් කරන ලෙසයි යෝජනා වී ඇත්තේ.
The post දකුණු කොරියාව සුනඛ මාංශ පරිභෝජනය තහනම් කිරීමට යයි appeared first on ITN News.
Post a Comment