Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තියුණු සටනකින් පසු ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ශීර් නිම්න ප්‍රදේශය තලෙයිබාන් යටතට  

Add comments

තියුණු සටනකින් අනතුරුව ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ශීර් නිම්න ප්‍රදේශය යටත් කර බව තලෙයිබාන් සංවිධානය පවසනවා.

පන්ජ්ෂීර් නිම්නය තලෙයිබාන් පාලනයට නතු කර ගැනීමට නොහැකි වූ එකම ප්‍රදේශය බවයි වාර්තා වන්නේ. තියුණු සටනකින් අනතුරුව එම ප්‍රදේශය අත්පත් කර ගත් බව තලෙයිබාන් සංවිධානය පවසනවා. පැවති සටන් හේතුවෙන් සියයකට අධික පිරිසක් මිය ගිය බවයි පැවසෙන්නේ. මෙම ප්‍රදේශයේ තලෙයිබාන් විරෝධී දේශීය ඇෆ්ගන් ජාතිකයන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් සැගව සිටියා.

මෙය සාම්ප්‍රදායික තලෙයිබාන් විරෝධී බලකොටුවක් ලෙස සැළකෙනවා.

මෙම ප්‍රදේශයේ බලය රදා පැවතුනේ එරට අවිගත් කණ්ඩායමක් වන එන්.එෆ්.ආර්. හෙවත් ජාතික විරෝධතා පෙරමුණ සතුවයි.

තලෙයිබාන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද මෙම නිම්නය ආශ්‍රිත ප්‍රදේශයේ  රැදී සිටියා.

 

 

 

 

 

The post තියුණු සටනකින් පසු ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ශීර් නිම්න ප්‍රදේශය තලෙයිබාන් යටතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG