කෝවිඩ් මර්දන එන්නත්කරණයෙන් දෙවන සතියටත් ශ්‍රී ලංකාව ලෝකයේම පළවෙනි ස්ථානයට පත්වී තිබෙනවා. එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී ලෝකයෙන්ම පළමු ස්ථානය ලබා ගෙන තිබෙනවා. ජනගහනයෙන් සියයට එකොලහයි දශම හයක ප්‍රතිශතයකට පසුගිය සතියේ දී පමණක් එන්නත ලබාදී ඇති බවයි ගෝලීය කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන අවර් වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. නවසීලන්තය හා කියුබාව පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථානයේ පසුවනවා.
කොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක එන්නත්කරණය අද දිනයේ ද මධ්‍යස්ථාන 416 ක දී සිදු කෙරුණා. වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ අය සදහා එන්නත්කරණය බස්නාහිර පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මකයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 28 ක දී ඔවුන් සදහා එන්නත්කරණය සිදු කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 30 ක දී මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 38 ක දී ද එන්නත්කරණය අද ක්‍රියාත්මක වුණා.
The post එන්නත්කරණයෙන් දෙවන සතියටත් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම පළමු තැනට appeared first on ITN News.
Post a Comment