ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ ශාන්ති අබේසේකර මහතා අභාවප්‍රාප්ත වුණා.
ශාන්ති අබේසේකර මහතා අභාවප්‍රාප්ත වන විට අසූතුන්වන වියේ පසුවුණා. ප්‍රවීන ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ දියණිය, ප්‍රවීන ගායිකා දයා හේමන්තා මහත්මියගේ ස්වාමියා වූ ශාන්ති අබේසේකර මහතා ජනප්‍රිය ගායිකාවන් වන සුප්‍රියා අබේසේකර සහ සදානා අබේසේකර ඇතුළු දරුවන් 7 දෙනෙකුගේ පියෙක්.
වහල් දූපත, සිදාදියෙන් හයක්, ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ඔහු සැඩසුළං ගිජුලිහිණියෝ ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
ලස්සන මලකින් පැණිගෙන, නිල්මිනි රන්තරු දෑසේ ඇතුළු ගීත කිහිපයක්ද ඔහු ගායනා කර තිබෙනවා.
The post ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment