Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතාවට නොමිලේ දෙන “සුව ධරණී” ඖෂධ මංජුසාව අගමැතිට පිළිගන්වයි  

Add comments

මහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අද (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අග්‍රාමාත්‍යතුමාට නිල වශයෙන් මෙම “සුව ධරණී” ඖෂධ මංජුසාව පිළිගැන්නුවේය.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශය අනුව යමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ උදාර අරමුණ ඇතිව හඳුන්වා දුන් “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව, සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානය, ගුඩුච්‍යාදී චූර්ණය සහ ඖෂධීය කැඳ වලින් සමන්විතය.

මෙම ආයුර්වේද ඖෂධ මංජුසාව පළමු අදියර යටතේ දිවයින පුරා පිහිටි සියලුම පූජනීය ස්ථාන වෙතත් දෙවන අදියරේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මහජනතාව වෙතත් නොමිලේ ලබා දීමට සැළසුම් කර තිබේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

The post ජනතාවට නොමිලේ දෙන “සුව ධරණී” ඖෂධ මංජුසාව අගමැතිට පිළිගන්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG