Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරිල් ගාමිණී පියනමට එරෙහිව බුද්ධි ලොක්කා සලේගෙන් CIDයට පැමිණිල්ලක්  

Add comments

පාස්කු ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණි පියතුමා ඇතුලු කිහිප දෙනෙකු සිදු කර ඇති ද්වේශ සහගත චෝදනාවන් ගණනාවකට විරෝධය පළ කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.

ප්‍රහාරයට නායකත්වය ලබා දුන් බව පැවසෙන ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශය මූල්‍යමය සහ වෙනත් පහසුකම් ලබා දුන් බවට සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශ කර තිබුණා. ඒ පසුගිය 23 වනදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාද මණ්ඩපයකට සහභාගි වෙමින්. සිරිල් ගාමිණි පියතුමා වැඩිදුරටත් පවසා ඇත්තේ සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමට එකල බ්‍රිග්‍රේඩියර්වරයෙකු වූ මේජර් ජනරාල් සලේ ක්‍රියාකාරි වැඩ කොටසක් සිදු කර ඇති බවයි.

සිරිල් ගාමිණි පියතුමා‍ සහ ෙවනත් අය සිදු කර අැති ෙමම ෙචා්දනා දැඩි ලෙස ප්‍රතික්ශේප කරමින් මේජර් ජනරාල් සලේ මහතා අවධාරණය කර ඇත්තේ තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණින් නගා ඇති මෙම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. සියලු චෝදනාවන්ගේ අරමුණ වන්නේ පොදු මහජනතාව නොමග යැවීම පමණක් නොව තම ජීවිතය මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ජිවිත ද අනතුරට හෙළිම බව සලේ මහතා පවසනවා. එබදු අසත්‍ය චෝදනා බුද්ධි අංශවලට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂි කාර්ය බාරයක් ඉටු කරන බුද්ධි නිලධාරීන්ටද නැවත පිළිසකර කළ නොහැකි හානියක් සිදු කර ඇති බව ඔහු සදහන් කළා.

තම පැමිණිල්ලෙහි සලේ මහතා අවධාරණය කර ඇත්තේ කිසිදු තත්ත්වයක් යටතේ කිසි දිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග කිසිදු ආකාරයක සන්නිවේදනයක් තමන් සිදු කර නොමැති බවයි. සිය පැමිණිල්ලෙන් මේජර් ජනරාල් සලේ මහතා අපරාධ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ සිරිල් ගාමිනි පියනමට සහ එම සංවාදයට සහභාගි වූ අනෙකුත් අයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

 

 

The post සිරිල් ගාමිණී පියනමට එරෙහිව බුද්ධි ලොක්කා සලේගෙන් CIDයට පැමිණිල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG