Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික පුස්තකාලය සහ තවත් මහජන පුස්තකාල 25ක් ඩිජිටල්කරණයට  

Add comments

දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජාතික පුස්තකාලය සහ තවත් මහජන පුස්තකාල 25 ක් ආදර්ශ ඩිජිටල් පුස්තකාල ලෙස සංවර්ධනය කෙරේ .

ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා අදාළ පලාත්පාලන ආයතන අතර සිදුකෙරිණ .

නවීන ඩිජිටල් යටිතල පහසුකම් හඳුන්වාදීම මගින් ජාතික පුස්තකාල ජාලය ස්වයංක්‍රීය කිරීම මෙමගින් සිදුකෙරේ . මෙම පුස්තකාලවල සියලුම ග්‍රන්ථ සුචි තොරතුරු පද්ධතියකට එක්කිරීම තුලින් මහජනතාවට තමන්ට අවශ්‍ය පරිශීලක පොත් පිළිබද තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පරීකෂා කිරීමේ හැකියාව ලැබේ. ඉදිරියේ දී අවශ්‍ය පොත් කල්තියා වෙන්කරගැනීමට ද පහසුකම් එක්වනු ඇත. මේ සදහා ලෝකයේ වඩාත් ප්‍රචලිත කොහා KOHA විවෘත මෘදුකාංග පද්ධතිය භාවිතා කෙරේ.

අවශ්‍ය දත්ත ගබඩා කිරිම හා හුවමාරුව ලංකා රාජ්‍ය මේඝය (LGC ) මගින් සුදුකෙරෙනු ඇත. මේ සදහා අවශ්‍ය තාක්ෂණික පද්ධති නිර්මාණය පුහුණු හා සේවා පහසුකම් සැපයීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය සපයයි. පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය ව්‍යාපෘතිය ක්‍රියාවට නගයි . ඒ ඒ පළාත්පාලන ආයතන අවශ්‍ය ප්‍රතිපාදන හා මානව සම්පත් යොදවනු ඇත. මෙම නියාමන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් දිවයිනේ අනෙකුත් සියලුම පුස්තකාල එකම ජාලයකට සම්බන්ද කරගැනීම තුලින් වඩාත් ඵලදායි මහජන සේවාවක් සැපයීම ඩිජිටල් කරණයේ මුලික අපේක්ෂාව බව මෙහිදී ප්‍රකාශ විය.

අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය , ශ්‍රවනාගාරයේ දී සිදුකෙරුණු අතර එම අවස්තාවට ප්‍රධාන විධායක ,( ඉංජිනේරු )මහින්ද බි හේරත් , ඩිජිටල් රාජ්‍ය ප්‍රධානි කාංචන තුඩුගල ,සහ ශ්‍රියානන්ද රත්නායක ,අමිල කුලරත්න යන අධ්‍යක්ෂක වරුන් , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ,නියෝජනය කරමින් සහබාගි වූ අතර සභාපති සොනාල ගුණවර්ධන සහ ,අධ්‍යක්ෂජනරාල් ඩබ්ලව් .සුනිල් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය නියෝජනය කරමින් සහබාගිවුහ. අදාළ මහජන පුස්තකාල නිලධාරිහු හා එම පළාත්පාලන ආයතන නියෝජිතයෝ ද මෙහිදී අවබෝදතා සහබාගිවිසුම් අත්සන් කළහ.

The post ජාතික පුස්තකාලය සහ තවත් මහජන පුස්තකාල 25ක් ඩිජිටල්කරණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG