Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට  

Add comments

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් දෙලක්ෂ හැට හතර දහසක් වාර්තා වූ බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. පෙරදිනට සාපේක්ෂව එම වැඩිවීම 7% කින් ඉහළ යාමක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ. මේ වන විට ඉන්දියාවේ සමස්ථ කොරෝනා ආසාදිත සංඛ්‍යාව තුන් කෝටි හැට තුන් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හාර ලක්ෂ අසූ පන්දහස දක්වා ඉහළ ගියා. වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ මහඇමතිවරුන් කැදවූ අතර එහිදි ඔහු කියා සිටියේ වසර 100 කට පමණ පසු දරුණුම අභියෝගයකට ඉන්දියාව මුහුණ දෙමින් සිටින බවයි.

 

 

 

 

 

 

The post ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG